(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති සාදයකදි වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ ගුටිබැට හුවමාරුවකින් බරපතල තුවාල ලද වෛද්‍යවරයකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි
වෛද්‍යවරුන් හැදෑරූ පාඨමාලාවක් නිම වීමේ සතුට භුක්ති විඳීම සඳහා වෛද්‍ය නිල නිවාසයක විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් සාදය පවත්වා ඇතැයි දැනගන්නට ඇත
ඒ සඳහා වෛද්‍යවරුන් 15 ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර සාදයට මත්පැන් වලින්ද අඩුවක්ව නොමැතිව තිබී ඇතැයිද දැනගන්නට ඇත
සාදය (09) රාත්‍රී ආරම්භ කර පසුදින (10) උදෑසන දක්වා පවත්වා ඇතැයි ද පැවසේ
සාදයට සහභාගි වූ එක්වෛද්යවරයකු සාදවලදී පදම ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පුරුද්දක් ලෙස වෛද්‍යවරියන්ට නොයෙකුත් ලිංගික හිරිහැර කිරීම පුරුද්දක් කරගෙන තිබූ අතර කාට එලෙස සිදු කළත් තම බිරිඳට එසේ කිරීමට නොපැමිණ ලෙස පහර කෑ වෛද්‍යවරයා පැවසීම නොඉවසූ පදම ඉක්මවා සිටි වෛද්‍යවරයා අඩෝ ............ උඹ මොකක්ද කියන්නේ යැයි පවසා එම පහර දීම සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd